
ඉන්ධන මිල නැවත ඉහළට – පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් නව මිල ගණන් මෙන්න
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
එම සංශෝධනය අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක් ලෙස සදහන් වේ.
තවද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 353ක් බව ද සඳහන් කර ඇත.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 365ක් ලෙස දැක්වේ. එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් වේ.
ඒ සමඟම ලංකා භූමිතෙල් මිලද රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195ක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් පවසයි.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.



