
ඉදිරි වසර 5 තුළ ලෝක උෂ්ණත්වය තවත් ඉහළට
ඉදිරි වසර පහක කාලය තුළ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වාර්තාගත ඉහළ මට්ටම් කරා ළඟාවිය හැකි බව එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා සංවිධානය සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලය නිකුත් කළ නව වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව, 1850-1900 පූර්ව කාර්මික යුගයේ සාමාන්‍ය උෂ්ණත්වයට සාපේක්ෂව ඉදිරි වසරවල ගෝලීය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.3ත් 1.9ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව පුරෝකථනය කර තිබේ.
විශේෂයෙන්ම අනෙකුත් කලාපවලට වඩා ආක්ටික් කලාපය වේගයෙන් උණුසුම් වනු ඇතැයි වාර්තාව පෙන්වා දෙයි. උතුරු අර්ධගෝලයේ ආක්ටික් ශීත ඍතු උෂ්ණත්වය ගෝලීය සාමාන්‍යයට වඩා තුන් ගුණයකටත් වැඩි වේගයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයේ පර්යේෂණ විද්‍යාඥ Melissa Seabrook සඳහන් කළේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වා ගැනීමට ඇති අවස්ථාව ඉතා වේගයෙන් අඩුවෙමින් පවතින බව විද්‍යාත්මකව පැහැදිලි බවයි.
2015 පැරිස් දේශගුණ ගිවිසුම යටතේ ලෝක රටවල් ගෝලීය උෂ්ණත්වය 1.5°C සීමාව ඉක්මවා යාම වැළැක්වීමට එකඟ වූ අතර, එම සීමාව ඉක්මවා ගියහොත් දේශගුණික විපර්යාස තවත් දරුණු විය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවයි.
වාර්තාවට අනුව 2026 සිට 2030 අතර කාලයේදී අවම වශයෙන් එක් වසරක හෝ ගෝලීය උෂ්ණත්වය 1.5°C සීමාව ඉක්මවා යාමේ වැඩි ඉඩකඩක් පවතින අතර, එය ලොව උණුසුම්ම වසර ලෙස සටහන් වූ 2024 වසරේ වාර්තාවද අභිබවා යා හැකි බව සඳහන් වේ.
එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ ආක්ටික් මුහුදු අයිස් වේගයෙන් දියවීම, උතුරු යුරෝපය, ඇලස්කාව, සයිබීරියාව සහ සහෙල් කලාපවල අධික වැසි තත්ත්වයන් ඇතිවීම මෙන්ම ඇමසන් කලාපයට වියළි කාලගුණයක් බලපාන බවද පුරෝකථනය කර තිබේ.
තවද, ප්‍රබල “එල් නිනෝ” තත්ත්වයක් මෙම වසරේ ශීත ඍතුවේදී ඇතිවිය හැකි බවත්, එය 2027 දක්වා පැවතිය හැකි බවත් වාර්තාවේ සඳහන්ය.



