
ආබාධිත ප්‍රජාව හැඳින්වීමට නව වචන 11ක්
ශ්‍රී ලංකව තුල ඇතැම් විට ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා නොයෙක් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඔවුන් හැඳින්වීම සඳහා පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.
එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආබාධිත ප්‍රජාව සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත් කරනු ලැබූ අනු කමිටුවක් විසිනි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්රධාන්තවයෙන් පසුගිය 23 වනදා රැස්වූ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ සභාවේදී සුදුසු පාරිභාෂිත වචන 100ක පමණ ප්‍රමාණයක් යෝජනා කර ඇත.
ඒ අතරින් ප්‍රධාන පාරිභාෂිත යෙදුම් 11ක් හඳුනාගෙන ඇති අතර සෙසු යෙදුම් සඳහා මහජනතාවගේ අදහස් ලබාගැනීමට සති දෙකක කාලයක් ලබාදී තිබේ.
මින් පසුවට ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු සන්නිවේදනය කිරීමේදී මහ සභාව මගින් අනුමත යෙදුම් 11ක් යොදාගන්නා ලෙසට අමාත්‍යංශය ඉල්ලා සිටියි.
ඒ අනුව ආබාධ සහිත තැනැත්තා, ශ්‍රවණාබාධ සහිත තැනැත්තා, දෘශ්‍යාබාධ සහිත තැනැත්තා, චලනාබාධ සහිත තැනැත්තා, බුද්ධිමය වර්ධන ඌනතා සහිත තැනැත්තා, මනෝ සමාජීය ආබාධ සහිත තැනැත්තා, කථනාබාධ සහිත තැනැත්තා, බහු ආබාධ සහිත තැනැත්තා, ආබාධ සහිත කාන්තාවන්, ආබාධ සහිත ළමුන්
සහ මිහිමිත් තැනැත්තා යන පාරිභාෂිත වචන මාලාව භාවිත කළ හැකිය.



