
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිතව සිටින්නැයි දැනුම්දීමක්
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට එරට පවතින හදිසි තත්ත්වය හේතුවෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.
විශේෂයෙන් ගංවතුර සහ නායයෑම් අවදානම පවතින දිස්ත්‍රික්කවල හෝ ඒ ආසන්න ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස තානාපති කාර්යාලය උපදෙස් ලබා දී ඇත.
යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහායක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය නම්, කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක +977 9851048653 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.
එමෙන්ම slemk.kathmandu@mfa.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේද අවශ්‍ය සහාය ලබාගත හැකි බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
කෙසේවෙතත්, නේපාලයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.



