උණුසුම් පුවත්

ශෂී වීරවංශ නඩුව ඔක්තෝබර් 12ට කල්යයි

ශෂී වීරවංශ නඩුව අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අදාළ නඩුකරය සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඇයට නියම කර ඇති සිරදඬුවම කොළඹ මහාධිකරණය මගින්ද තහවුරු කර ඇති බවත්, එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් අධිකරණයේදී සඳහන් විය.

කෙසේ වෙතත්, එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය සටහන් මෙතෙක් ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් ඒවා ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් කල් ලබාදී තිබේ.

ඒ අනුව අදාළ පැමිණිල්ල යළි ඔක්තෝබර් 12 වැනිදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button