
ප්‍රධාන පුවත්
අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය ගැන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට
අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද (31) අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම
අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනානි දයාරත්න මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
එහිදී අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
නියෝගය සුදුසු අවස්ථාවේදී
කෙසේවෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බව අභියාචනාධිකරණය සඳහන් කර තිබේ.



