ප්‍රධාන පුවත්

අයවැයේ සංවර්ධන ව්‍යාපෘති ගැන සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අයවැයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අයවැය මගින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා නොකර, ඒවා ජනතාවට සැබෑ ප්‍රතිලාභ හිමිවන ආකාරයෙන් ක්‍රියාවට නැංවිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

අයවැයේ සංවර්ධන ව්‍යාපෘති ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක විය යුතුයි

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ඉදිකිරීම් ප්‍රදර්ශනය නැරඹීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ මෙරට ඉදිකිරීම් කර්මාන්තය මේ වනවිට යම් පසුබෑමකට මුහුණ දී ඇති බවයි.

එම තත්ත්වයෙන් කර්මාන්තය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලබාදීම මෙන්ම ටෙන්ඩර් ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කිරීම ද වැදගත් බව ඔහු සඳහන් කළේය.

තවද, අයවැය කතාවලදී ඉදිරිපත් කරන ඉදිකිරීම් ව්‍යාපෘති සහ අනෙකුත් සංවර්ධන කටයුතු අදාළ වර්ෂය තුළම ක්‍රියාත්මක විය යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

“ඉදිකිරීම් කර්මාන්තය අද යම් මට්ටමක කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට ලැබිය යුතු ප්‍රාග්ධනය ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය කිරීම අයවැය කතාවල කතාකරන ඉදිකිරීම් ඇත්තවශයෙන්ම ඒ වසර තුළ ඒ ඉදිකිරීම් කර්තව්‍යයන් ක්‍රියාත්මක වෙන්නට ඕනි. අයවැය කතාවෙන් සංඛ්‍යා ලේඛන කිව්වා කියලා ඒ ගිරා පෝතක පොරොන්දුවලින් ඒක මහපොළොවේ සත්‍යයක් වෙලා ජනතාවට ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ…”

අයවැයෙන් පොරොන්දු ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එම යෝජනා සැබෑ සංවර්ධන කටයුතු බවට පත්කර ජනතාවට ප්‍රතිලාභ ලබාදීම අත්‍යවශ්‍ය බවත් ඔහුගේ ප්‍රකාශයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button