
උණුසුම් පුවත්
අයථා වත්කම් චෝදනාවට රක්ෂිතයේ සිටි අනුෂ පැල්පිට ඇප මත මුදාහරී
අයථා ලෙස වත්කම් උපයාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන අනුෂ පැල්පිට මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ කරුණු සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගනු ලැබීය.
ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අනුෂ පැල්පිට මහතා ඇප මත මුදාහැරීමට අදාළ නියෝගය නිකුත් කර ඇත.



