
AI භාවිතය නිසා මිනිස් බුද්ධිට බලපෑම්?
කෘතිම බුද්ධි (AI) මෙවලම් අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් මිනිසාගේ සිතීමේ හා විමර්ශන හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ රෝයල් ඔබ්සර්වේටරි ආයතනය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ආයතනයේ ප්‍රධානී පැඩී රොජර්ස් සඳහන් කර ඇත්තේ, සෑම ගැටලුවකටම සහ ප්‍රශ්නයකටම AI මත පමණක් යැපීමට මිනිසුන් පුරුදු වුවහොත්, ස්වයංව සිතීම, ප්‍රශ්න කිරීම සහ කරුණු විමර්ශනය කිරීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවිය හැකි බවයි.
ඔහු පෙන්වා දෙන්නේ, පරිගණක නොතිබූ යුගයේ තාරකා විද්‍යාඥයන් තමන්ට එවකට වැදගත් නොවූ නිරීක්ෂණ පවා සටහන් කර තබා ඇති අතර, එම දත්ත වසර 150කට පසුවත් විද්‍යාත්මක අධ්‍යයන සඳහා වටිනාකමක් ලබාදුන් බවයි.
කෙසේවෙතත්, AI මෙවලම් බොහෝවිට කෙටි හා සෘජු පිළිතුරු ලබාදීම මත ක්‍රියා කරන බැවින්, නව කරුණු සෙවීමේ කුතුහලය හා ගැඹුරු අවබෝධය අඩුවීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කර ඇත. AI ලබාදෙන තොරතුරු නිවැරදිද යන්න තහවුරු කර ගැනීමද තවත් අභියෝගයක් බව පෙන්වා දී තිබේ.
එසේ වුවද, AI තාක්ෂණය විද්‍යාත්මක ක්ෂේත්රයට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබේ. 2024 වසරේ නොබෙල් ත්‍යාගලාභී ඩෙමිස් හසාබිස් AlphaFold2 AI පද්ධතිය භාවිතයෙන් ප්‍රෝටීන ව්‍යුහ සොයාගැනීම සඳහා රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිකර ගත්තේය.
තවද LinkedIn සම-නිර්මාතෘ රීඩ් හොෆ්මන් පවසා ඇත්තේ, AI තම අදහස්වල දුර්වලතා හඳුනාගෙන ඒවා තවදුරටත් වර්ධනය කරගැනීමට සහායක මෙවලමක් ලෙස භාවිත කළ හැකි බවයි.
විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ද පෙන්වා දෙන්නේ, AI මත සම්පූර්ණයෙන්ම රඳා නොසිට වගකීමෙන් සහ සීමා සහිතව භාවිත කළහොත්, ඉගෙනීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කරගත හැකි බවය.
Google, TikTok සහ X වැනි වේදිකා ඔස්සේ AI පදනම් කළ ඉක්මන් පිළිතුරු සේවා ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.



