
ප්‍රධාන පුවත්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාද පිළිබඳ දැනුම්දීමක්
කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර අද (31) සහ හෙට (01) යන දින දෙක තුළ දුම්රිය ධාවනයේ ප්‍රමාද සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ කොටුව–වැල්ලවත්ත අතර ඉහළ සහ පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණින් අදාළ සංඥා පද්ධතියට අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදුකරන බැවින් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි.
මෙම කටයුතු හේතුවෙන් අද සහ හෙට දිනයන්හි උදෑසන හා සවස් කාලයන් අතර මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන්ට මිනිත්තු 15කට ආසන්න ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවිය හැකි අපහසුතාවයන් පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කරයි



