
වත්මන්-යාවත්කාලීන
කැස්බෑ බිත්තර 117ක් සමග පුද්ගලයෙක් නාවික හමුදා බාරයට .
ඊයේ (28) දිනයේ ත්රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
අදාළ සැකකරු නීතිවිරෝධී ලෙස කැස්බෑ බිත්තර 117ක් රැගෙන යමින් සිටියදී මෙලෙස නාවික හමුදා භාරයට පත්ව ඇත.
මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ත්රිකුණාමලය තෝපූර් ප්රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ බිත්තර තොගය ඉදිරි නීතිමය ක්රියාමාර්ග සඳහා සේරුනුවර වනජීවී කාර්යාලයට භාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
