
අමාත්‍යාංශ කාර්යසාධනය ඇගයීමට නව වැඩපිළිවෙළක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්යසාධනය ඇගයීම සඳහා කාර්යසාධන ගිවිසුම් අත්සන් කිරීමද සිදු වූ අතර, වසරකට දෙවරක් එම කාර්යසාධනය ඇගයීමට තීරණය කර ඇති බවද සඳහන් වේ.
එක් එක් අමාත්‍යාංශයට ප්‍රාග්ධන අයවැය යටතේ ලබා දී ඇති ප්‍රතිපාදන භාවිතය, ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මෙම වසර තුළ අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.
ආයෝජන ක්ෂේත්රයේදී විදේශ ආයෝජකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ අතර, මෙරට ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
එමෙන්ම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධවද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



