ප්‍රධාන පුවත්

අද සිට ආසන පටි පැළඳීම අනිවාර්යයි

රථ වාහනවල ආසන පටි භාවිතය සම්බන්ධ නීතිය අද (20) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කර තිබේ.

ඒ අනුව වාහනයක් ධාවනය කරන රියදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය වන අතර, සාමාන්‍ය මාර්ගවල ගමන් කරන වාහනවල ඉදිරිපස ආසනයේ සිටින මගියා ද ආසන පටි භාවිත කළ යුතුය.

මීට අමතරව, අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල රියදුරු ඇතුළු සියලුම මගීන් ආසන පටි පැළඳ සිටීම අනිවාර්ය කර ඇත.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබූ සහන කාලය ඊයේ (19) අවසන් වූ අතර, අද සිට එය පූර්ණ වශයෙන් බලාත්මක වන බව අදාළ බලධාරීන් සඳහන් කළේය.

රථවාහනවල ඉදිරිපස පමණක් නොව, පසුපස ගමන් කරන මගීන් සඳහා ද ආසන පටි භාවිතය අනිවාර්ය කිරීම සඳහා රජය පියවර ගෙන තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button