උණුසුම් පුවත්

මහින්ද කහඳගම ඔක්තෝබර් 12 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අවසර

මහින්ද කහඳගම මහතා ඔක්තෝබර් 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (06) අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මෙම නියෝගය ලබාදී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මහින්ද කහඳගම මහතා අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

එමෙන්ම සැකකරු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු රැසක් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button