ප්‍රධාන පුවත්

සෙනෙහසේ කැදැල්ලේ හිමිකරුට ඇප

හොරණ බටගොඩ ප්‍රදේශයේ පිහිටි “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

සැකකරු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබූ අතර, ඔහු වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් අධිකරණයේ පෙනී සිටියේය.

නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය, රුපියල් ලක්ෂ 1ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළාය.

එමෙන්ම සැකකරුට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති අතර, අදාළ නඩුව යළි මෙම මස 25 වැනිදා කැඳවීමට නියමිතය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button