
ප්‍රධාන පුවත්
අද මධ්‍යම රාත්‍රියේ සිට QR ඉන්ධන කෝටා ක්‍රමය යළි ක්‍රියාත්මකයි
උත්සව සමය වෙනුවෙන් ඉවත් කර තිබූ QR ක්ක්රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR පදනම් කළ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබේ.
එහි සභාපති සඳහන් කළේ, පෙර ක්‍රියාත්මක වූ පරිදි පෙට්‍රල් වාහන සඳහා නියමිත ඉන්ධන කෝටාව ලබාදීම නැවත ආරම්භ කරන බවයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගනිමින්, පසුගිය 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය තාවකාලිකව අත්හිටුවා තිබුණි.
එම කාලය තුළ ඔත්තේ-ඉරට්ටේ අංක ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරුණු අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් සියලුම වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.



