
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාර විමර්ශනයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ඉවත් කළ යුතුයි – රොහාන් ද සිල්වා පියතුමා
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන නිසි සහ සාධාරණ ආකාරයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
කොළඹදී පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
“මතකය, වේදනාව සහ බලාපොරොත්තුව – වසර 07කට පසු යුක්තිය සොයා” යන තේමාව යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදැක්වීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහන සමාජය හා සාමයික කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලදී.



