ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා–සවුදි ආරක්ෂක සහයෝගීතාව තවත් ශක්තිමත් වෙයි – නියෝජ්‍ය අමාත්‍යවරුන් රියාද්හි හමුවෙයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ සවුදි අරාබි රාජ්‍යයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්රාහ්මන් බින් අයියෆ් අල්-මක්රින් කුමරු අතර විශේෂ හමුවක් රියාද් නුවරදී පැවැත්වී තිබේ.

 

සවුදි අරාබියේ පැවැත්වෙන ලෝක ආරක්ෂක ප්‍රදර්ශනයට සමගාමීව මෙම හමුව සංවිධානය කර ඇති අතර, දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව පුළුල් සාකච්ඡාවක් මෙහිදී සිදු විය.

 

දෙපාර්ශවයම දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථා සොයා බැලූ අතර, සවුදි අරාබිය විසින් පසුගිය කාලය තුළ ලබා දුන් සහය පිළිබඳව ශ්‍රී ලංකා දූත පිරිස කෘතඥතාව පළ කළේය. එම සහය අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳවද අපේක්ෂා පළ කෙරිණි.

 

සන්නද්ධ හමුදාවන් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම, හමුදා පුහුණු අවස්ථා පුළුල් කිරීම, වෘත්තීය හුවමාරු වැඩසටහන් සහ ව්‍යුහාත්මක දැනුම බෙදාහදා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

 

මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය වැනි දේශසීමා ඉක්මවා යන අපරාධ තර්ජන සම්බන්ධයෙන්ද දෙපාර්ශවය සිය අන්‍යෝන්‍ය අවධානය යොමු කර ඇත.

 

එවැනි අභියෝගවලට ප්‍රතිචාර දක්වීම සඳහා ද්විපාර්ශ්වික සම්බන්ධීකරණය හා බුද්ධි තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි.

 

ඒ සමඟම නියමුවන් රහිත ගුවන් යානා (UAV) භාවිතය, නිරවද්‍ය බුද්ධි තොරතුරු පද්ධති, නිරීක්ෂණ හැකියාවන් සහ නවීන ආරක්ෂක තාක්ෂණික ක්‍රමවේද පිළිබඳවද සාකච්ඡා පැවැත්විණි.

නව තාක්ෂණික ප්‍රවණතා සමඟ ගැළපෙන ආරක්ෂක ප්‍රතිපත්ති සහ මෙහෙයුම් සංකල්ප ඉදිරියට ගෙන යාමේ වැදගත්කම දෙපාර්ශවයම අවධාරණය කර තිබේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button