
රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ කම්කරුවන් 12ක් මරුට
රුසියාව විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් යුක්‍රේනයේ පතල් කම්කරුවන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා අනුව, යුක්‍රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයක් ඉලක්ක කරගනිමින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය සිදුකර ඇත. සේවා මුරය අවසන් කර ආපසු යමින් සිටි කම්කරුවන් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුට තුවාල සිදුව ඇති අතර, ඔවුන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
විශේෂත්වයක් ලෙස, එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් යුක්‍රේනය සහ රුසියාව අතර පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවල දෙවන වටය ඉදිරි සතියේදී පැවැත්වෙන බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා නිවේදනය කළ පැය කිහිපයකට පසුව මෙම ඩ්‍රෝන ප්‍රහාරය සිදු වී තිබේ.
එමෙන්ම, ඊයේ දිනයේ රුසියාව විසින් එල්ල කළ තවත් ප්‍රහාරයකින් යුක්‍රේනයේ ගිනිකොනදිග සපොරිෂියා නගරයේ පිහිටි මාතෘ රෝහලක් සහ නේවාසික ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති අතර, එහිදී පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වී ඇත.



