ප්‍රධාන පුවත්

දැරණියගල සිද්ධියේ: සැකකරුවන් 4ක් රිමාන්ඩ්

දැරණියගල ප්‍රදේශයේ පොලිස් රාජකාරියකට බාධා කළ බවට චෝදනා ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය 19 වනදා දැරණියගල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකිරීම සඳහා ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.

එම සිද්ධියේදී අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස ක්‍රියාකරමින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම යන චෝදනා මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලේ රඳවා සිටියදී අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැරණියගල පොලිසිය විසින් සිදුකරගෙන යයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button