කාලගුණය

අදත් ප්‍රදේශ රැසකට වැසි | Weather Update Sri Lanka

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ද අද (21) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයක තරමක තද සුළං හමා යා හැකි බව සඳහන් වේ.

මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස දැනුම් දී ඇති අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් මුලතිව් සිට කන්කසන්තුරය හා මන්නාරම හරහා පුත්තලම දක්වාත් වන වෙරළාසන්න මුහුදු කලාප විටින් විට රළු විය හැකි බව එහි දැක්වේ.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු ස්වභාවයක් ගනු ඇති අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවල මුහුද ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button