උණුසුම් පුවත්

අද නිකුත් වන 2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විස්තරය මෙතැනින් බලන්න

අද නිකුත් වන ශිෂ්‍යත්ව ප්‍රතිඵල

2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (02) නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, විභාගයට පෙනී සිටි සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් සිය ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.

සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිට ඇති අතර, සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව 294,089කි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button