
උණුසුම් පුවත්
නල්ලූර්හි තිලීපන්ගේ ස්මාරකය පොලිසියෙන් ඉවත් කරයි
යාපනය, නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර තිබූ තිලීපන්ගේ ස්මාරකය ඉවත් කරයි යනුවෙන් වාර්තා වන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබේ.
පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එම ස්මාරකය තිබූ ස්ථානයෙන් ඉවත් කර රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
තිලීපන්ගේ අවසන් දින සැමරුම ඊයේ (26) පැවැත්වීමෙන් අනතුරුව මෙම සිදුවීම වාර්තා වී තිබේ.
පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණි බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් පාවහන් සහිතව එම ස්ථානයට ඇතුළු වී බලහත්කාරයෙන් ස්මාරකය රැගෙන ගිය බවයි.



