උණුසුම් පුවත්

ලිට්‍රෝ ගෑස් සැපයුම ගැන විශේෂ දැනුම්දීමක් – නොවැම්බර් මාසයට සිලින්ඩර් මිලියන 3ක්

නොවැම්බර් මාසය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට නෞකා දෙකකින් ගෑස් තොග

සමාගමේ විකුණුම්, අලෙවි සහ ආයතනික සබඳතා අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කළේ, සියලුම වාණිජ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ද සපුරාලමින් මෙරට සමස්ත ගෑස් ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීමට සමාගමට හැකියාව පවතින බවයි.

සාමාන්‍යයෙන් මාසිකව ලිට්‍රෝ ගෑස් සඳහා මෙට්‍රික් ටොන් 32,000ක පමණ අවශ්‍යතාවක් පවතින අතර, තරගකාරී සමාගමට මෙට්‍රික් ටොන් 6,000ක් පමණ අවශ්‍ය වේ. ඒ අනුව මෙරට මාසික සමස්ත ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වන බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, වර්තමාන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 44,000ක ගෑස් තොගයක් ජියෝ ගෑස් ආයතනය හරහා ඇණවුම් කර තහවුරු කර ඇති බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනක පතිරත්න මහතා මෙසේ පැවසීය.

**”සාමාන්‍යයෙන් මසකට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32,000ක් පමණ අවශ්‍ය වෙනවා. තරගකාරී සමාගමට මෙට්‍රික් ටොන් 6,000ක් පමණ අවශ්‍ය වෙනවා. සමස්ත අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වනවා. වර්තමාන ගෑස් අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 44,000ක් ජියෝ ගෑස් ආයතනය මගින් ඇණවුම් කර, එම ඇණවුම් තහවුරු කර තිබෙන බව සඳහන් කළ යුතුයි. නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාව තියෙනවා.***

***ඒ වගේම සියලුම වාණිජ පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම මගින් සමස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාවක් ලැබෙනවා. අද දින මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ගුඩ්විල් නෞකාව මේ වන විට ගොඩබෑම් කටයුතු සිදු කරමින් පවතින අතර, තවත් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් කොරන්ටයින් නෞකාව නොවැම්බර් මස 1 වැනි දින දිවයිනට ළඟා වීමට නියමිතයි. එමගින් අද හවස වන විට කොළඹ ප්‍රදේශය සඳහා සාමාන්‍ය ලෙස ගෑස් බෙදාහැරීම සිදු වන අතර, අනෙකුත් ප්‍රදේශ සඳහා හෙට දිනයේදී ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාවක් ලැබේ.”***

මේ අතර, මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් ‘Goodwill’ නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

තවත් මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් ‘Quarantine’ නෞකාව නොවැම්බර් 1 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවද සමාගම සඳහන් කරයි.

ඒ අනුව අද (31) පස්වරුව වන විට කොළඹ ප්‍රදේශයේ ගෑස් බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති අතර, හෙට (01) දිනයේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button