උණුසුම් පුවත්

මහනුවර, කෑගල්ල සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන දිගටම

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන හෙට (05) උදෑසන 9.00 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රදේශ සඳහා රතු නිවේදන තවදුරටත් බලපැවැත්වේ.

එමෙන්ම අදියර 2 යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල, මැදදුම්බර, උඩපළාත, දොළුව සහ දෙල්තොට, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, දැරණියගල, දෙහිඕවිට සහ බුලත්කොහුපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ, නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඕපනායක සහ ඉඹුල්පේ ප්‍රදේශ සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අදියර 1 අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල හා කුරුවිට ප්‍රදේශ සඳහාද බලපැවැත්වෙන බව NBRO සඳහන් කළේය.

අදාළ ප්‍රදේශවල ජනතාව නායයෑම් අවදානම් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය වුවහොත් වගකිවයුතු අංශ ලබාදෙන උපදෙස් වහාම අනුගමනය කරන ලෙසත් බලධාරීන් දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button