
උණුසුම් පුවත්
අද උදෑසන 8ට කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ
අද (05) උදෑසන 8.00ට පමණ කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව තත්ත්පරයකට ඝන අඩි 130ක ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත අතර, ජල මට්ටම ඉහළ යාමේ අවදානම පිළිබඳ ජනතාව අවධානයෙන් සිටින ලෙස දැනුම්දී ඇත.
විශේෂයෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාව වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙස වාරිමාර්ග බලධාරීන් ඉල්ලා සිටියි.



