
අඟුලාන නාවික යාත්‍රා අනතුර ගැන පරීක්ෂණයක්
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී සිදුවූ අඟුලාන නාවික යාත්‍රා අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ අදාළ අඟුලාන නාවික යාත්‍රා අනතුර සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කළ බවයි.
අනතුරින් බේරාගත් නාවික නිලධාරීන් 11 දෙනා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නාවික හමුදාව පවසයි.
මේ අතර, අඟුලාන නාවික යාත්‍රා අනතුරින් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.
අනතුරට පත් නාවික හමුදා යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම අද (16) ආරම්භ කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් ද යොදවා තිබේ.
කෙසේ වෙතත්, පවතින රළු මුහුදු තත්ත්වය හේතුවෙන් යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුමට සැලකිය යුතු අභියෝගයක් එල්ල වී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.



