
ඩේවිඩ් ලැමී හෙට දිවයිනට – ජනපති සහ අගමැති සමඟ විශේෂ සාකච්ඡා
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඩේවිඩ් ලැමී එක්දින නිල සංචාරයක් සඳහා හෙට (17) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව සහ ප්‍රාදේශීය කරුණු පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට එක්සත් රාජධානිය විසින් ලබාදෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක හවුල්කරුවන් හමුවීමටද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇත.
තවද, ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්රඥප්තියට අදාළ ගිවිසුමකට අත්සන් තැබීමද මෙම සංචාරයේ ප්‍රධාන අංගයක් වන අතර, එම උත්සවය හෙට (17) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් දැනුම් දී ඇත.



