ප්‍රධාන පුවත්

බස් ගාස්තු වැඩි නොවේ – රජයෙන් පැහැදිලි කිරීමක්

ඉන්ධන මිල සංශෝධනයක් සිදුව තිබුණද දැනට බස් ගාස්තු ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන බස් ගාස්තු සමීකරණය පදනම් කරගන්නා බවයි.

එම සමීකරණයට අනුව ඉන්ධන මිලෙහි වෙනස සියයට 4කට වඩා වැඩි අගයක් ගන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සලකා බලන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙවර ඉන්ධන මිල වැඩිවීම එම ප්‍රතිශත සීමාව ඉක්මවා නොමැති බැවින් බස් ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button