
ආසියානු සංවර්ධන බැංකු සභාපති මසාටෝ කන්ඩා ශ්‍රී ලංකාවට
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු ඊයේ (23) රාත්‍රී 11.40ට පමණ සිංගප්පූරුවෙන් විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූ බව වාර්තා වේ.
සභාපතිවරයා පිළිගැනීම සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ගුවන් තොටුපළට පැමිණ තිබූ අතර, නිල පිළිගැනීම එහිදී සිදුකර ඇත.
මෙම සංචාරය පිළිබඳව තම X (පැරණි Twitter) ගිණුමේ සටහනක් තබමින් මසාටෝ කන්ඩා මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වමින් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන තීරණාත්මක අවස්ථාවක තමන් මෙරටට පැමිණි බවයි.
තවද, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ සම්බන්ධතා පද්ධති ශක්තිමත් කිරීම මෙන්ම ආයෝජන ආකර්ෂණය වැඩිදියුණු කිරීම හරහා රටේ සංක්‍රාන්ති ක්‍රියාවලියට සහාය ලබාදීම ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන අවධානයක් බවද ඔහු පෙන්වා දී ඇත.
ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රමුඛතා කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඔහුගේ සටහනෙන් අවධාරණය කර තිබේ.



