
බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලීම
පවතින බලශක්ති අර්බුදය හේතුවෙන්
පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර කාල සීමාවේදී විදුලි පරිභෝජනය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවත කිරීමට කටයුතු කරන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එතුමන් පවසන්නේ, විදුලි කප්පාදුවකට යෑමක් පිළිබඳ මේවන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.
එතුමන් මෙම අදහස් පලකර සිටියේ ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර ජයකොඩි අමාත්‍යවරයා,
“පුළුවන් තරම් එක බල්බ් එකක් හරි ඕෆ් කරලා, පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න. ඒ වෙලාව තමා තෙල්වලින් දුවන්නේ. දවල්ට ගැටලුවක් නෑ. රෑට පුළුවන් තරම් පුරවැසියෝ විදියටත් අපි ඒ සපෝට් එක දෙනවා. මොකද ඒ බර එන්නේ අන්තිමට අපිට, ජනතාවටම තමා. අපේ රජයේ අරමුණ තියෙන්නේ, ජනතාවට කරදරයක් නොවෙන්න එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට විදුලි බලය ද, ඛනිජ තෙල් ද ලබාදෙන්න ඕනකම තියෙනවා. මං හිතනවා අපි කලාපය හැටියට ගත්තත් බොහෝම හොඳින් කරගෙන යනවා. ඉදිරියටත් අපි ඒක කරන්න ඔ්නේ. ඒකට අපි තෙල් මිලදී ගැනීම් ඒවා හැමදේම කරනවා. වගකීමෙන් කියනවා ආණ්ඩුව හැටියට මේකෙන් කිසිම ජනතාවට, හුඟාක් අය යෝජනා කරනවා විදුලිය කප්පාදුවක් කරන්න කියලා. අපිට එතැනට යන්න අදහසක් නෑ. අපි කොහොම හරි විදුලිය කපන්න අදහස් නෑ. අපිට සියලු පරිභෝජනයන්ට මැයි වෙනකල් තෙල් තියෙනවා. ඒ නිසා කිසිම කලබලයක් වෙන්න එපා.”
මේ අතර කොළඹ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පද්ධති සැලසුම් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ බුද්ධික සමරකොන් මහතා පැවසුවේ, අප්‍රේල් මස අවසානය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි බවය.



