ප්‍රධාන පුවත්

ඉන්ධන අර්බුදය මධ්‍යයේ අනවශ්‍ය ගමන් වලින් වලකින්න – CPC සභාපතිගේ ඉල්ලීම

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය බලශක්ති අර්බුදයට මුහුණදීමට ජනතාව හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ඉල්ලීමක් කරයි.

අද (10) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු පෙන්වා දුන්නේ අනවශ්‍ය ගමන් බිමන් අවම කරමින් හැකි සෑම අවස්ථාවකම ඉන්ධන භාවිතය සීමා කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.

ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳවද අදහස් දැක්වූ රාජකරුණා මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට පැතිර ගිය බිය හේතුවෙන් ජනතාව විසින් අතිරේකව ඉන්ධන මිලදී ගැනීම මෙම මිල වැඩිවීමට බලපෑ ප්‍රධාන කරුණක් බවයි.

එවැනි අතිරික්ත මිලදී ගැනීම් නොසිදුවී නම් මෙම මාසය අවසන් වන තෙක් පවතින මිල ගණන් යටතේ ඉන්ධන සැපයීමට හැකිව තිබූ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් පවතින බලශක්ති අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකය පුරා රටවල් රැසකට බලපාන තත්ත්වයක් බවත්, එය පාලනය කිරීමට ජනතාව සහ ආයතන සියල්ලම එකට කටයුතු කළ යුතු බවත් CPC සභාපතිවරයා අවධාරණය කළේය.

එම නිසා ඉදිරි කාලය තුළ හැකි පමණින් ඉන්ධන පරිභෝජනය සීමා කර ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙසද ඔහු නැවතත් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button