ප්‍රධාන පුවත්

ඉන්ධන මිල හදිසියේ වැඩි කළේ ඇයි? – හේතුව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි

මෙරට ඉන්ධන සංචිත ප්‍රමාණවත් ලෙස පවතින බව රජය පවසන අතරතුර හදිසි ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අද ( ) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ මෙරට ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. එම හේතුවෙන් දැනට පවතින ඉන්ධන සංචිතවල යම් අඩුවක් දක්නට ලැබුණු බවද ඔහු පැවසීය.

එමෙන්ම නව තෙල් ඇණවුම් කර ඇති නෞකා දිවයිනට පැමිණ ඇත්තේ පෙර තිබූ මිලට වඩා ඉහළ මිලකට බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඒ අනුව එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, 

“දැන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීම දළ වශයෙන් 37.76%ක් වෙනවා. පිරිපහදු තෙල්වල වැඩිවීම ඔටෝ ඩීසල් 99.99ක්%, සුපර් ඩීසල් 99.6%ක්, 92 ප්‍රෙට්‍රල් 75%ක් 95 පෙට්‍රල් වැඩිවීම 79%දක්වා වැඩි වීමක් වෙලා තියෙනවා. එකක් තමයි ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සහ පිරිපහදු තෙල් වැඩිවීම සැලකිල්ලට ගත්තා. ඒකට හේතුව වෙන්නේ අපි ගාව සංචිත තිබුණා. අපි ඇණවුම් කළ තොග ලැබෙමින් පවතිනවා. ඇනවුම් කිරීමේදි මිල තීන්දු වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට පෙර සහ දවස් 3කට පෙරත් තිබෙන ඇවරේජ් මිලත් එක්ක.

මේ තෙල් මිල වැඩිවීමත් එක්ක බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල වැඩිවීම තුළ අපි වැඩි නොකළානම් පුද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරනවා හෝ නතර කරනවා. අපිට එතකොට තෙල් සැපයුමේ බාධාවක් තියෙනවා. අනික තෙල් පරිභෝජනය පසුගිය දවස්වල තිබුණ වැඩිවීම. සාමාන්‍යයෙන් අපිට දවසකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් තමයි පරිභෝජනය තිබුණේ. පෙට්‍රල් ඊටත් වඩා අඩුවෙන්. මාර්තු 1-9දක්වා අපේ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන්  59,200, පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 47,500 ඒ කියන්නේ දළ වශයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් පමණ ඩීසල් 23,000ක් පමණ වැඩිපුර පරිභෝජනය කරලා තියෙනවා පසුගිය දවස් කිහිපය ඇතුළත. 

මේ පරිභෝජනය තුළින් ඇතිවුණ දේ තමයි අපේ සංචිත තුළ තිබුණ තෙල් සම්පූර්ණ වශයෙන්ම අවසන් වුණා, අලුතින් තෙල් ගේන්න සිද්ධ වුණා තෙල් ගේනකොට ඒ නැව් ආවේ වැඩි මිලට. මේ කාරණා මත මිල වැඩි කරන්න සිද්ධ වුණා. වැඩි කළ යුතු මිල වැඩියි විශාල මිල වැඩි කිරීමක් එකවර කරන්න අපේ ආර්ථිකයට දරාගන්න බැරි නිසා මේ ප්‍රමාණයට වැඩි කිරීම සිදුවුණේ. අනිත් පැත්තෙන්න් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා තෙල් පරිභෝජනයත් යම් ප්‍රමාණයකට සීමා කිරීමට ජනතාව මේ අවස්ථාවේ කටයුතු කරයි කියලා.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button