උණුසුම් පුවත්

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට – රූපවාහිනි සංස්ථාවට රු. මිලියන 14.32ක පාඩුවක් සිදුකළ බවට චෝදනා

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන සරත් කෝන්ගහගේ සහ එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ, සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් හය දෙනෙකු අනිසි ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුවය.

එම සේවකයින් පසුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර ඇති බවත්, එම ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක ආර්ථික පාඩුවක් සිදු වී ඇති බවත් චෝදනා කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button