ප්‍රධාන පුවත්

ගම්පහ මහාධිකරණයෙන් මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට අධි චෝදනා

හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් පිරිසකට ගම්පහ මහාධිකරණය විසින් අධි චෝදනා භාර දී තිබේ.

රජයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සකස් කර එය විකිණීමක් සිදුකළ බවට කරන චෝදනා මත මෙම නඩුව පවරා ඇත.

දැනට මහාධිකරණ ඇප මත සිටින හිටපු අමාත්‍යවරුන් දෙදෙනා සමඟ සරත් එදිරිසිංහ, අජිත් මිල්රෝයි, ජයන්ත කබ්බ්‍රාල් සහ නවීන් වීරකෝන් යන අයද අද අධිකරණය හමුවේ අධි චෝදනා භාරගැනීමට පෙනී සිටියහ.

මෙම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ කැඳවූ අතර, සියලු විත්තිකරුවන් ඇප මත යළි මුදාහැරීමට නියෝග කර ඇත.

ඊළඟ නඩු විභාගය මාර්තු 27 වැනිදාට කල් තැබීමටද අධිකරණය තීරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button