ප්‍රධාන පුවත්

මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ නිවස අසල විරෝධයකට ගොම ප්‍රහාරයක්

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට පත්වී ඇතැයි කියන සිද්ධියට විරෝධය පළ කිරීම සඳහා නව ජනතා පෙරමුණට අයත් සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් අද (28) උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස අසල රැස්වී තිබුණි.

එහිදී ඔවුන් විරෝධතාවය පවත්වමින් සිටියදී සුගීෂ්වර බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකුට ගොම ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වේ. එම සිද්ධිය මාධ්‍ය කැමරා මගින් ද සටහන් වී ඇත.

මෙම අවස්ථාවේදී දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට පොලීසිය මැදිහත් වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button