උණුසුම් පුවත්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමක්

වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කර ඇත්තේ අද (26) අලුයම 4ට පමණ පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ මුළුතැන්ගෙය තුළ සේවයේ නිරතව සිටි රෝහල් සේවකයින් පිරිසකි. ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පිපිරීම හේතුවෙන් වකුගඩු රෝහලේ ගොඩනැගිල්ලට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සිද්ධියෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට හෝ එහි සේවයේ නිරත සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අනතුරක් සිදුව නොමැත.

පිපිරීමෙන් අනතුරුව රෝහලේ නේවාසිකව සිටි රෝගීන් සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ මැදිහත්වීමෙන් ආරක්ෂිතව රෝහලෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමටද කටයුතු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button