
ප්රධාන පුවත්
නාමල් රාජපක්ෂ මහතා අද (23) අධිකරණයට රැගෙන එයි
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (23) කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් ඇති අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කළ නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.
එම නඩුවට අදාළව සැකකාර නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



