ප්‍රධාන පුවත්

මාස 9ක සංචාරක ආදායම ඩොලර් මිලියන 2,245 ඉක්මවයි

සංචාරක ආදායම ලෙස 2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ ශ්‍රී ලංකාව උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2,245.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව, මෙම වසරේ මුල් මාස නවය තුළ වාර්තා වූ සංචාරක ආදායම පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව අඩු වී තිබේ.

2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් උපයා තිබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,472.9කි. ඒ අනුව, මෙම වසරේ අදාළ කාලසීමාවේ ආදායම පසුගිය වසරට වඩා ඩොලර් මිලියන 227.7කින් පහත වැටී ඇත.

කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසයේ පමණක් සංචාරක ආදායම ඉහළ යාමක් පෙන්නුම් කරයි. එම මාසයේදී උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 185.6ක් වන අතර, 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී එය ඩොලර් මිලියන 182.9ක් ලෙස වාර්තා වී තිබුණි.

මේ අතර, 2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ විදේශීය සංචාරකයින් 1,693,679 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button