
ප්‍රධාන පුවත්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාවට සිව්වන ස්ථානය
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පත්ව ඇති බව 2026 වර්ෂයට අදාළ ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර, ඒ අනුව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය හිමි කරගෙන ඇත.
වාර්තාවේ පළමු ස්ථානය වියට්නාමයට හිමිව ඇති අතර දෙවන ස්ථානය බෙලීස් රාජ්‍යයටත්, තෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයටත් හිමිව තිබේ.
මේ අතර ණය විනිවිදභාවය පිළිබඳ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පස්වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බවත්, මූල්‍ය කළමනාකරණය සහ ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීමේ ප්‍රගතිය මෙම වාර්තාවෙන් පිළිබිඹු වන බවත් සඳහන් වේ.



