
වීදි සතුන්ගේ ජීවිත සුරැකීම සැමගේ වගකීමක් – අගමැතිනිය
වීදි සතුන්ගේ ජීවිත සුරැකීම සෑම පුරවැසියෙකුගේම සමාජ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
ඇය මෙම අදහස් පළ කළේ අද (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ආරම්භ වූ PET EXPO 2026 ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේදී වීදි සතුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සකස් කළ “ආලෝකා” ප්‍රදර්ශන කුටිය ද අග්‍රාමාත්‍යවරිය නිරීක්ෂණය කළාය.
එහිදී රැකවරණය අවශ්‍ය වූ වීදි බලු පැටවෙකු සුදුසු ඉල්ලුම්කරුවෙකු වෙත නිල වශයෙන් භාරදෙමින් එම වැඩසටහන ආරම්භ කිරීමට ද ඇය එක්විය.
මෙරට පශු වෛද්‍ය සේවාව නව දැක්මක් සමඟ ඉදිරියට ගමන් කිරීම සතුටට කරුණක් බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, පන්සල් ඇතුළු පොදු ස්ථානවල කුඩා සුනඛ සහ බළල් පැටවුන් අතහැර යාම වැරදි සමාජ පුරුද්දක් බවද සඳහන් කළාය. එමෙන්ම වීදි සතුන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළාය.
සත්ව සුබසාධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබූ නව පත්‍රිකාව හරහා සතුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාව ලැබෙන බවද ඇය ප්‍රකාශ කළාය.
මෑතකදී ජාත්‍යන්තර අවධානයට ලක් වූ ශ්‍රී ලාංකික දැරියක සහ ඉත්තෑවකු අතර පැවති සුවිශේෂී සබඳතාව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, සුරතල් සතුන් සමඟ ඇති සබඳතාව දරුවන් තුළ සහකම්පනය, ආදරය සහ කරුණාව වැනි ගුණාංග වර්ධනය කිරීමට වැදගත් වන බවද වැඩිදුරටත් සඳහන් කළාය.



