
ප්‍රධාන පුවත්
රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට – තවත් අයෙකුත් පොලිස් භාරයට
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා සහ තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගයක්
අදාළ ගැටුමට මුල් වූ බව කියන මෙම පුද්ගලයන් දෙදෙනා අනුරාධපුර පොලීසිය වෙත රැගෙනවිත් ඇති අතර, මේ වනවිට ඔවුන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබුණි.
ඒ අනුව අධිකරණයේ නියෝගයෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.



