උණුසුම් පුවත්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, පෙබරවාරි මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින මෙම නඩුවට අදාළව, සමන් ඒකනායක මහතා අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති මෙම නඩුව සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ පෙනී සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button