
අලුත් අවුරුද්දට රජයෙන් නැකැත් සීට්ටුවක් නැතිවීම ගැන ජ්‍යෝතිෂ්‍යවේදීන් ප්‍රශ්න කරයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය විසින් පොදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් නොකරන බවට ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජ්‍යෝතිෂ්‍යවේදීන් ප්‍රශ්න මතු කර තිබේ.
ජ්‍යොතිෂවේදී විද්වත් කමිටුව අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී රවිශංඛ සේනානායක මහතා සඳහන් කළේ, මෙම තීරණය ගැනීමට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය හේතුවී ඇති බවය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
“මාධ්‍යයට ආණ්ඩුව කියලා තියෙනවා කිසිම නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්නේ නෑ කියලා. ඔහු තමා මේ තීරණය අරන් තියෙන්නේ. මේක මේ කල්ලතෝනි රටක් බවට පත්කරන වැඩපිළිවෙලක් තමා සංස්කෘතික ලේකම්වරයා යෝජනාවක් කරන්නේ. ආණ්ඩුවක් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කරන්නේ නැත්නම් මොන මඟුලකට ද අපෙන් නැකැත් සීට්ටුව ඉල්ල ගත්තේ. එහෙම ගත්තා නම් මොකක් හරි නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්න එපැයි.”
බක් මාසයේදී සැමරෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන අතර එය සාම්ප්‍රදායික නැකැත් චාරිත්‍ර මත පදනම්ව පවත්වනු ලබයි.
පැරණි සම්ප්‍රදාය අනුව සංස්කෘතික අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන නැකැත් කමිටුවක් මගින් සෑම වසරකම අලුත් අවුරුද්ද සඳහා පොදු නැකැත් මාලාවක් ප්‍රකාශයට පත් කර තිබුණි.
කෙසේ වෙතත්, මේ වසරේදී සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් අලුත් අවුරුදු නැකැත් කමිටුව විසුරුවා හැර ඇති අතර, 2026 අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙපාර්තමේන්තුව හරහා නිල නැකැත් සීට්ටුවක් නිකුත් නොකරන බව වාර්තා වෙයි.



