
ප්‍රධාන පුවත්
සයිනොපෙක් සුපර් ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රු. 28කින් ඉහළට
ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සයිනොපෙක් සමාගම විසින් සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
එම සමාගම නිකුත් කළ නිවේදනයකට අනුව, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28කින් වැඩි කර ඇති අතර, පෙර රුපියල් 572ක් වූ මිල මේ වනවිට රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත්, ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මෙන්ම ඔටෝ ඩීසල් මිලවල කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙය සයිනොපෙක් සමාගම විසින් සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනය කළ තවත් අවස්ථාවක් ලෙසද සැලකේ.



