කාලගුණය

අද සවස 1න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි – අකුණු අනතුරු පිළිබඳ කාලගුණ අනතුරු ඇඟවීමක්

අද දින සවස 1න් පසුව දිවයිනේ උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දීත් වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවද සඳහන් වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට අමතරව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබෙනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු පහර හේතුවෙන් අනතුරු සිදුවීමේ හැකියාවක් පවතින බැවින්, එවැනි අවස්ථාවලදී අවශ්‍ය ආරක්ෂිත පියවර ගැනීමට ජනතාවට උපදෙස් ලබා දී ඇත.

මේ අතර, අද දහවල් 12.13ට සූර්යයා දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැළියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් ප්‍රදේශවලට සෘජුව මුදුන් වන බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button