
ප්රධාන පුවත්
අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ජුනි 20 සිට අනිවාර්යයි
අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහන සඳහා ආසන පටි පැළඳීමේ නීතිය එළැඹෙන ජුනි 20 වැනිදා සිට දැඩි ලෙස ක්රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කර තිබේ.
එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ වාහනයක ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන මගීන් ද ආසන පටි පැළඳ සිටීම අනිවාර්ය වන බවයි. මෙම නීතිය ක්රියාත්මක කිරීම සඳහා ලබා දී තිබූ සහන කාලය ජුනි 19 වැනිදායින් අවසන් වීමට නියමිතය.
ඒ අනුව ජුනි 20 වැනිදා සිට අධිවේගී මාර්ග භාවිත කරන සියලුම මගීන් සහ රියදුරන් ආසන පටි නීතියට අනුකූල විය යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.



