
ප්‍රධාන පුවත්
වික්ටෝරියා ජලාශයේ අතුරුදන්වූ තරුණයාගේ සිරුර හමුවෙයි
වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තවත් තරුණයෙකුගේ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මෙම අනතුරින් මියගිය තරුණයන්ගේ සංඛ්‍යාව තුන්දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශයට අයත් බඹරගල පන්සල ආසන්නයේදී තරුණයන් සිව්දෙනෙකු දිය නෑම සඳහා ජලාශයට බැස ඇති අතර, එහිදී තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.
අනෙක් තරුණයා පමණක් දිවි ගලවා ගැනීමට සමත් වී ඇති බව සඳහන්ය.
මෙම පිරිස මහනුවර වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 18 සිට 21 දක්වා වන තරුණයන් බවද අනාවරණය වී තිබේ.



