ප්‍රධාන පුවත්

ශිරාන් බාසික්ගේ පියා 25 දක්වා රිමාන්ඩ්

ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් මහතා රුපියල් කෝටි 03ක මුදලක් වැය කර ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී ඇති ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් භාවිත කර මෙම දේපළ මිලදී ගෙන ඇති බවට විමර්ශන සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (11) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව සැකකරු අද කොළඹ අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, එළැඹෙන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මුදල් විශුද්ධීකරණ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව බව පොලීසිය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button