
කළුතර වෙඩිතැබීමකට තැත් කිරීමේ සිද්ධියට ආධාර කළ දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට
වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කළ සිද්ධියකට ආධාර හා අනුබල ලබාදුන් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර දකුණ පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව විමර්ශන ආරම්භ කළ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, සැකකරුවන් ඊයේ (19) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
අපරාධය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන යතුරුපැදියේ වර්ණය වෙනස් කර සඟවා තබාගැනීම, ගිනි අවිය ප්‍රවාහනය කිරීම සහ අපරාධයට ආධාර අනුබල ලබාදීම යන චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් වයස අවුරුදු 18 සහ 27 යන වයස්වල පසුවන අතර, ඔවුන් කළුතර උතුර සහ බෝඹුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී අපරාධයට සම්බන්ධ යතුරුපැදියේ ගලවා තිබූ කොටස්, වර්ණය වෙනස් කිරීම සඳහා භාවිත කළ රසායන ද්‍රව්‍ය, ව්‍යාජ අංක තහඩු ජෝඩුවක් සහ ව්‍යාජ ආදායම් බලපත්‍රයක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.



